ඖෂධීය කංසා වවන්න අනුමැතිය.

ඖෂධීය කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය  ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය  මඟින් ප්‍රකාශයට පත් කරන බව  ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි  මහතා   ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කංසා පමණක් නොව ඊට වඩා ඖෂධ ගණනාවක්  ආනයනය කරන අතර  මේවා වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කළ යුතු බවත් ,   නැතිනම් පාරම්පරික වෙදකම නැතිව යන බවත් සිසිර ජයකොඩි මහතා පැවසීය.

එමෙන්ම ආයුර්වේද සම්භාහකයන් සහ සම්භාහකාවන්  සඳහා “එන්.වී.කිව් ලෙවල් 4” මට්ටමේ පුහුණුවක් දී ආයුර්වේදයේ ලියාපදිංචිය දෙන බවත් , බොරැල්ලේ ආයුර්වේද මහ රෝහලේ නම ආයුර්වේද ජාතික රෝහල ලෙස සංශෝධන කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

සිසිර ජයකොඩි මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනට වඩා කාර්යක්ෂම කිරීම මෙම පනතේ අරමුණ බවත් ,  ආයුර්වේද කොමසාරිස් තනතුර ආයුර්වේද කොමසාරිස් ජනරාල්  තනතුර දක්වා මේ පනත මඟින් උසස් වෙන බවත් ය.

Exit mobile version