පොලිස් සැරයන්ට හමුදාභට ප්‍රහාරයක්.

පොලිස් සැරයන්වරයකු අනතුරකට ලක් කර බරපතල තුවාල සිදු කළ යුධ හමුදා සෙබළුන් තිදෙනකු රාජාංගනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අධික ලෙස බීමත්ව එකම යතුරුපැදියක නැගී අශෝභන ලෙස හැසිරෙමින් මාර්ගයේ ධාවනය කළ මෙම යුධ හමුදා සෙබලුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම අනතුර සිදුකර ඇති බව සදහන් වේ.

අත්අඩංගුවට ගත් යුධ හමුදා සෙබළුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් මෙම සිද්ධිය කෙසේ වූවේද යන්න පිළිබදව අනෙක් පාර්ශවයෙන් කරුණු විමසීමක් අප සිදු කළ නොමැති අතර පොලිසිය විසින් ලබා දී ඇති තොරතුරු පමණක් ඇතුළත් කර තිබේ.

Exit mobile version