යුද හමුදා නිලධාරීන්ගේ දූෂිත බවින් දුක් විඳින හමුදා නිලධාරීන් සහ භටයන්.

රණවිරුවන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා පමණක් හෝ සපුරාලීමට නොහැකි නිල නාමවලට පමණක් යට වූ ම්ලේච්ඡ පාලකයන් සිටින රටක රණවිරුවන්ගේ මෙන්ම සියලු ආරක්ෂක අංශවල ඉදිරිය පිළිබඳව අවිනිශ්චිත තත්වයක් උද්ගත වෙමින් පවතී.මේ පිළිබඳව එක්සත් රණවිරු ප්‍රජාවේ කැදවුම්කරු අසේල ධර්මසිරි මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමින් බරපතළ අනාවරණයන් රැසක් සිදු කරන ලදී.

අසේල ධර්මසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ 2023 දෙසැම්බර් මස 31 වන විට සොල්දාදුවන් 65000ක් සහ 2030 වන විට 15000 ක්ද ඉවත් කිරීමට ජිනීවා මානව හිමිකම් කොමිෂන් එක මගින් නියෝගයක් නිකුත් කර ඇති මුත් මේ වන විටත් සොල්දාදුවන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා හෝ වැඩ කිරීමට සුදුසු වටපිටාවක් නොමැති වීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති අපහසුතා හමුවේ සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් රාජකාරි කටයුතු අතහැර ගොස් ඇති බවයි.

එසේම මේ දිනවල සමාජ මාධ්‍ය පවා කැළඹීමකට ලක් කළ පුවතක් වශයෙන් පනාගොඩ කෑම්ප් එකෙහි කෑම වංචාව හදුන්වා දිය හැකි අතර මෙහිදී පනාගොඩ කෑම්ප් එකෙහි සෙබළුන් හට කෑම නැතැයි පවසමින් පරිප්පුයි ලුණු මිරිසකුයි සමග පමණක් ආහාර ලබා දී මේජර් ජෙනරාල් මෙත්තානන්දගේ මස්සිනාගේ පාටියකට මස් 45kg, මාළු 35kg, කීරි සම්බා ගෝනි 2, අල ගෝනි 2,මිරිස් ගෝනි 1,පොල්තෙල් ලීටර් 40 කෑම්ප් එකෙන් පැන්නීමට ගොස් මාට්ටු වූ බවත් මේජර් ජෙනරාල් මෙත්තානන්ද කටයුතු කරන්නේ කමල් ගුණරත්නගේ නියෝග වලට අනුව බවත් මෙහිදී පැහැදිලි වේ.

එසේම වැරදි කළ පුද්ගලයන් තනතුරුවල සිටියදී සාමාන්‍ය පුද්ගලයන් වෙනත් තැන්වලට මාරු කිරීම අප රටේ පිළිවෙතක් බවට පත්වෙමින් තිබේ.ඒ අනුව ප්‍රසන්න ලියනගේ තනතුරේ සිටියදී උපකරණ පාලක නිලධාරි යාපනයටද RSM දියතලාවට සති 3ක් යවලා මේ වන විට යාපනයට මාරුකර යවා තිබීමත් හේතු කොටගෙන හමුදා සෙබළුන් 75කට ආසන්න ප්‍රමාණයක් රාජකාරිවලින් ඉවත් වී තිබෙන බවද මෙතුමා පහදා දෙයි.

ඔහු වැඩිදුරටත් පවසා අවධාරණය කර සිටින්නේ “අපි වෙනුවෙන් අපි” ඇඩ් එකට යොදාගත් ආබාධිත රණ විරුවෙකු වූ තේජාන් නැමැත්තාට බොන්න වතුර ටිකවත් නොමැතිව අසරණ භාවයට පත්ව තිබියදීත් ඔහුට කිසිදු ආධාර මුදලක් හිමි නොවූ බවත් ඔහු මෙන්ම තවත් අසරණ වූ රණවිරුවන් සිටියදී මේජර් නදීරා විජේසිංහ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියකට මිලියන 1.5ක ණය මුදලක් ලබා දීමට කමල් ගුණරත්න කටයුතු කරන්නට ඇත්තේ ඔවුන් අතර තිබූ පෞද්ගලික හිතවත්කමක ප්‍රතිඵලයක් වශයෙනි.

එසේම “යළි පුබුදමු දීඝවාපිය” යන ආධාර මුදල්ද පරිහරණය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ කෙතරම් ගණකාධිකාරවරුන් සිටියද මේජර් නදීරා විජේසිංහටම ලබා දීමට කපිල ගුණරත්න පසුබට නොවූ බවත් සදහිරු සෑය අටමස්ථානයට පූජා කර තිබියදීත් රණවිරුවන්ගෙන් සල්ලි කැපීම කෙතරම් අසාධාරණයක් ද? රාජ්‍ය අමාත්‍ය ප්‍රගීත් බණ්ඩාර විසින් කමල් ගුණරත්න ධූරයෙන් පහ නොකලහොත් සිතා ගත නොහැකි අන්දමේ අනතුරකට මුහුණ දීමට සිදු වන බවට සියලු දෙනාටම පසක් වේ.

තවද අසේල මහතා හමුදා නිලධාරියෙකු වී සිටියද 2019දී හමුදා කදවුරුවලට යාමට තහනම් කළ අතර අද වන විට කෑම්ප් වල සිවිල් මිනිස්සු පවා ගොස් පාටි දැමීමට පුරුදුව තිබේ.යුද හමුදා විද්‍යාපීඨය පවා අද වන විට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන තත්වයට පවා පත්වෙමින් ආරක්ෂක නිලධාරියෙකු නොව ගංජාකාරයෙක් කුඩුකාරයෙක් බිහිකිරීමට ප්‍රයත්න දරමින් සිටි.

තවදුරටත් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළහොත් තව නොබෝ දිනකින්ම යුධ හමුදාව සංස්ථාවක් බවට පත්වන බවද,මෙතරම් පාලකයන් තුළ විනය පිරිහී ඇති අවස්ථාවක ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරු තමන්ගේ ඊළග උසස්වීම සදහා ආරක්ෂක ලේකම්වරයාට තමන්ගේ බිරිද හදුන්වා දීම මෙහිදී ඉතා උපහාසාත්මක ලෙස ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම කමල් ගුණරත්න මහතාගේ නිවසක් සෑදීමට ගිය 1SR එකෙහි ළමුන්ගෙන් එක් අයෙකු අනතුරකින් මිය ගිය නමුත් ඔහු සිදු කල වරද වසා ගැනීමට මෙන් ඔහු ගෙන ආ යුත්තේ Army hospital එකට වුවත් ඔහු ගෙන ගොස් ඇත්තේ General hospital එකටය.මෙලෙස ඔවුන්ගේ පෞද්ගලික කටයුතු සිදු කිරීමට හමුදා සෙබළුන් යොදා ගැනීම විශාල වරදකි.රාජය්‍ය බුද්ධි අංශවල පවා නිලධාරින් ඇත්තේ රාජකාරි කටයුතු සිදු කිරීමට මිස කාගේවත් බැලමෙහෙවරකම් කිරීමට නොවන බව පාලකයන් දැඩි සේ අවධාරණය කර ගත යුතුය.

අසේල ජනපතිගෙන් ඉල්ලා සිටින්නේ රටට ආදරයක් තියේනම් මෙම ආරක්ෂක නිලධාරියා මෙන්ම මේජර් උක්වත්ත සහ මේජර් නදීරා විජේසිංහ තනතුරෙන් පහ කල යුතු බවත් රාජය්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී රණවිරු සේවා අධිකාරිය වසා දැමිය යුතු බවත් 2015 ඉදන් මේ වෙනතුරු රණවිරු සේවා අධිකාරියේ පුද්ගලයන් සිදු කරේ පඩි නඩි ටික ගෙන තමාගේ යාන වාහන තර කර ගැනීම පමණක් බවත් ,
එමෙන්ම චමුදිතගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂක ඇමතිට විරුද්ධව ඇති දූෂණ චෝදනා පිළිබඳව වීඩියෝ එක First Comment එක ලෙස යොදන ලෙසත් ඇමතිට අගතියක් වේ නම් තමා නඩු කීමට සූදානම් බවද ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත විඩියෝව නරඹන්න.

https://youtu.be/G1y2vOgaSuw
Exit mobile version