පොලිස් වෙස් ගත් යුද හමුදා සෙබළුන් අත්අඩංගුවට .

පොලිස් නිලධාරීන් බව පවසමින් නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන පුද්ගලයින්ගෙන් කප්පම් ලබාගත් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු බඩල්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

බඩල්ගම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් අලෙවි කරන පුද්ගලයින්ගේ නිවෙස් වලට ගොස් වැටලීම් සිදු නොකර නිදහසේ මත්පැන් ජාවාරම කිරීමට අවකාශ සලසා දෙන බව පවසා මෙම මුදල් ලබා ගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබළුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version