අයිස් සමඟ අයෙක් දැලේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් දෙහිවල , පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 10ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 150,00කට අධික මුදලක් ද සොයා ගත් බව සඳහන් .

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version