අධිවේගයේ දී යතුරුපැදිකරුවෙකු අත්අඩංගුවට.

ඊයේ (17) දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී යතුරුපැදියක් ධාවනය කළ අයෙක් අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.

කළුතර මාර්ගයේ සිට දොඩම්ගොඩ අධිවේගී පිවිසුමෙන් මාතර දෙසට ඇතුළු වී වැලිපැන්න ප්‍රදේශයට පලා යාමට උත්සාහ දැරීමේ දී රථවාහන පොලිසියේ දොඩංගොඩ පිවිසුමේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පසු පස හඹා ගොස් සැකකරුව අල්ලාගෙන තිබේ.

මොහුව අත්අඩංගුවට ගන්න අවස්ථාවේ දී අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බව සඳහන්.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version