” තංගල්ලේ සුද්දා ” අත්අඩංගුවට .

නිලන්ත කුමාර නොහොත් ‘තංගල්ලේ සුද්දා’ නම් වෙඩික්කරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මොහු ඝාතන සඳහා යොදාගත් බවට සැක කෙරෙන මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද උණවටුන ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් ද ඔහු සතුව තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අදාල සැකකරු දින 7ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර එම ප්‍රශ්න කිරීම්වලදී ‘තංගල්ලේ සුද්දා’ විමර්ශන නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ තමන් වෙඩිතබා හා කපා කොටා පුද්ගල ඝාතන 19ක් සිදුකර ඇති බවයි.

ප්‍රබල අපාරධකරුවන් රැසකගේ කූලී ඝාතකයෙකු ලෙසට තමා කටයුතු කළ බවත් සැකකරු පොලීසිය හමුවේ වැඩිදුරටත් පාපොච්චාරණය කර තිබේ.

ඒ අනුව සැකකරු හෙළි කළ ඝාතන සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version