කොටගල බේකරියට පහර දුන් මැරයන් 5 දෙනෙක් අත්අඩංගුවට .

කොටගල බේකරියට හා එහි ලොරි රථ දෙකකට පහර දීමට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් 05 දෙනෙකු ඊයේ (28) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පතන දිඹුල පොලිසියේ නිලධාරියකු ප්‍රකාශ කළ බව වාර්තා වේ .

කොටගල දුම්රියපොළ මාර්ගයේ බේකරියකට 27වන දින රාත්‍රියේ කඩා වැදුන මැර පිරිසක් එම බේකරියේ සේවකයන් දෙදෙනකුට හා එම බේකරිය ඉදිරිපිට නවතා තිබු ලොරි රථයකට පහරදී දැඩි ලෙස අලාභ හානි කර පලා ගොස් තිබුණි. මෙම පහරදීම සම්බන්ධයෙන් එම බේකරියේ හිමිකරු ඇතුළු පහර කෑමට ලක්වූ සේවකයන් පතන දිඹුල පොලීසිය වෙත පැමිණිලි කිරීමත් සමග පතන දිඹුල පොලීසිය විසින් මේ පිළිබදව පුළුල් පරික්ෂණ ආරම්භ කිරීමේ ප්‍රථිපලයක් ලෙස එම පහර දිමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් පස් දෙනකු මෙසේ අත්අඩංගුවට ගත් බවද එම නිලධාරියා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ .

Exit mobile version