ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොරියානු ජාතික කළමණාකාරවරියගේ නිවසේ තිබූ මුදල් සොරා ගත් කාන්තාවක් වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකාරිය කළමණාකාරවරියගේ නිවසේ මෙහෙකාරිය වශයෙන් සිට ඇති අතර සොරා ගත් මුදල ඇමෙරිකානු ඩොලර් 800ක් බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
