මෙරට මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට පවුල් සෞඛ්‍ය කාර්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
කැනේඩියානු රජයේ ප්‍රධාන යෝජනා ක්‍රමයක් සහ තවත් ආයතන කිහිපයක් යටතේ සහ ජාත්‍යන්තර මධ්‍යස්ථානය යටතේ මෙය ක්‍රියාත්මක වන අතර ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා ප්‍රකාශ කළේ මේ සඳහා මූලික දත්ත එක් රැස් කිරීමේ කටයුතු ලබන මාසයේදී සිදු කරන බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කෘතිම බුද්ධිය භාවිතයෙන් කලලයට , මවට සහ දරුවාට පසුකාලීනව ඇතිවිය හැකි සංකූලතාවයන් පිළිබඳව අනාවැකි පළ කිරීමට වෛද්‍යවරුන්ට හැකියාව පවතින බවයි .
