01.පාතාලේ කැවුමට කෝටි ගණන් පොලියට දුන්න ජෝතිශ්‍යවේදියා ක්‍රිෂාන් නිලංග.
02.මීඩියා මගේ රූපය දාලා නම නැතුව සඳහන් කළේ බලපෑමකට.
03.අපේ රටේ මේ හරක් ඉන්නකල් හොර කපුවො කෝටිපතියො වෙන එක නතර කරන්න බැහැ.
04.ක්‍රිෂාන් නිලංග කැවුමගෙන් සුරයක් දාන්න ලක්ෂ තිස් හතක් අරගෙන.
05.වෙඩි නොවදින සුර අරවා මේවා කිය කියා තනි බොරු මේගොල්ලෝ කරන්නේ.
06.වාලම්පුරි විකුණපු කීර්ති දිසානායකත් පට්ට හොරෙක්. වක්කරලා හදපුවා තමයි මිනිසුන්ට විකුණුවේ.
මිත්‍යා විශ්වාස පසුපස පිස්සුවෙන් මෙන් දුවන බොහෝ මිනිසුන් තමාගේ කාලය මෙන්ම මුදලද නිකරුණේ කා දමන්නේ ඔවුන්ද නොදැනුවත්වය.මේ පිළිබඳව පාරම්පරික ගුප්ත ශාස්තඥ රොෂාන් චානක තිසේරා මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමින් බරපතළ අනාවරණයන් රැසක් සිදු කරන ලදි.
මෙහිදී රොෂාන් චානක මහතා සඳහන් කරන්නේ පාතාල කැවුමට කෝටි ගණන් පොලියට දුන්නේ ක්‍රිෂාන් නිලංග නැමැති ජෝතිෂ්‍යවේදියෙකු වුවත් මීඩියා මගින් තමාගේ රූපය දමා ක්‍රිෂාන් නිලංගගේ නම නොමැතිව සඳහන් කළේ යම් බලපෑමකට බවත් නමුත් තමා පිළිබඳව මෙහි සඳහන් වූ බැවින් මෙයට අදාළ පුද්ගලයා කව්රුන්ද යන්න හෙළි කල බවයි.
එමෙන්ම පාතාලේ කැලුම් ඉන්දිකට කොගෝ වනයෙන් ගෙනා වලස් තෙල්වලින් වෙඩි නොවදින සුරයක් සාදා ගැනීමට ක්‍රිෂාන් නිලංග විසින් ලක්ෂ 37ක මුදලක් ලබාගෙන ඇති බවද ප්‍රකාශ කරයි.
එසේම වාලම්පුරි විකුණූ කීර්තී දිසානායක නැමැති පුද්ගලයා ප්ලාස්ටික් වලින් වක්කරලා හැදූ වාලම්පුරිවලට රැවටුණු දහස් ගණන් ජනයා මෙය මිලදී ගැනීමට වැල නොකැඩී පැමිණිය බවද පවසයි.
එමෙන්ම එලෙස පැමිණි ජනයාගේ මුදල්වලින් ජනාධිපති මන්දිරයටත් වඩා සුඛෝපභෝගි නිවසක් හැදූ කීර්ති දිසානායක නැමැත්තා මේ සියල්ලම සිදු කර ඇත්තේ මහජනතාවට හොර බඩු විකුණා ලබා ගත් මුදල් වලින් බවත් ඔහු ප්‍රකාශ කරයි.
මෙලෙස මෙවැනිම ගුරුකම් කරන පුද්ගලයන් අතින් තැඹිලි ගෙඩි 21ක් පොවා පුද්ගලයකු මිය බවත්,ආතුරයා පන්නන්න කියලා ගෙනාපු දැරියව දූෂණය කළ බවත් ,සල්ලි වංචා කරන බවත් පෙනී පෙනී මිනිසුන් තවමත් මේවා පසුපස දුවන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවත් ඔහු පවසයි.
එමෙන්ම හැම විෂයකම මෙලෙස හොරු කියලා ජාතියක් සිටින මුත් ඒවා පෙනෙන නිසා බොරු කරන්න බැරි බවත් මෙය නොපෙනන පැත්තක් බැවින් නොපෙනන Account එකකට දමා හොරකම් කරන බවත් එබැවින් “අපි එක එක දේවල් සිදු කරලා පෙන්නන්නේ මේවට අහුවෙන්න එපා කියලා නමුත් මේවා දැක දැකත් මිනිස්සු මේවට අහු වෙනවනම් අපි මොකද කරන්නේ?” යන්න රොෂාන් මහතා ප්‍රශ්න නගයි.
වෙඩි නොවදින සුරයට වෙඩි වදිනවනම්,
බිත්තරය ඇතුලින් ලේ ගන්න බැරිනම්,
පුහුල කපලා ලේ ගන්න බැරිනම්,කිරි උතුරවන්නෙ කාබයිට් වලින්නම්,
බුලත් කොලේ ඇවිදවන්නෙ කාන්දම් බලයෙන් නම් මෙම ශාස්ත්‍රය මගින් බොහෝ දෙනෙකු ලක්ෂ ගණනින් මුදල් උපයන්නේ බොරුවෙන් බව පවසයි.
රොෂාන් චානක මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ හොරු ප්‍රමෝට් කරන්නේ යූ ටියුබ් කාරයෝ බවත්, මේ හොරු ප්‍රමෝට් නොකර ඉන්න මාධ්‍ය ආයතනවලට වගකීමක් ඇති බවත්ය .
එසේම මෙහි සත්‍ය පැත්තකුත් ඇති. අපි මෙලෙස හොරු ටික එළියට දාලා ඉදිරීයේදී සත්‍ය කරුණු දෙක තුනකුත් එළියට දමන බවත් ඔහු අවසාන වශයෙන් පවසයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.
