ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (30) සිට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
තරගාවලිය සඳහා “ඒ” කාණ්ඩය යටතේ ඉන්දියාව, නේපාලය සහ පාකිස්තානය සහභාගී වන අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, සහ ශ්‍රී ලංකාව “බී” කාණ්ඩය යටතේ සහභාගී වන බව සදහන්.
පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ දී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
පළමු තරගය හෙට (30) පාකිස්තානය සහ නේපාලය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පාකිස්තානයේ මුල්තාන්හි දී පැවැත් වේ.