අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුට වෙනත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් විසින් දුරකථනයෙන් තර්ජනය කර බිය ගැන්වූ බවට පැමිණිල්ලක් කොටුව පොලිස් ස්ථානයට ලැබුණු බවට වාර්තා වේ .
පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික වාහනයට ඉන්ධන ලබා ගැනීමේ දී සිදු වූ අක්‍රමිකතාවයක් සම්බන්ධව විමර්ශනයක් සිදු කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එහි වාර්තාව ලබා දීමෙන් අනතුරුව අදාළ සහකාර පොලිස් අධිකාරීවරයාට මෙම තර්ජනය එල්ල වී තිබේ.
