ATM කොල්ලයේ 5ක් අත්අඩංගුවට- පොලිස් ලොක්කෙකුත් ඒ අතර

දකුණු පළාතේ ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අසන්න මුදල් සොරකම් කල විදෙස් ජාතිකයන් දෙදෙනෙක් පොලිස් නිලධාරියෙක් හා තවත් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශිකයන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුන් දෙදෙනා බල්ගේරියානු ජාතිකයන් බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත්  පොලිස් නිලධාරියා මීගහතැන්න පොලිස් ස්ථානයේ  සේවයේ කරණ අයකු වේ. අනෙක් සැක කරුවන් දෙදෙනා මීගමුව හා  ඇල්පිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ

Exit mobile version