චීන ජාතික කාන්තාවකට පහර දී ජංගම දුරකථනයක් පැහැර ගැනීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මහනුවර සිට නානුඔය දක්වා දුම්රියෙන් ගමන් කරමින් සිටි මෙම චීන ජාතික කාන්තාව සිය ජංගම දුරකතනයෙන් අවට ප්‍රදේශය වීඩියෝ ගත කරන අවස්ථාවේ දී දුම්රිය මාර්ගය අයිනේ සිටි මෙම සැකකරුවන් දෙදෙනා පොල්ලකින් ඇයගේ අතට පහර දී තිබේ .
චීන ජාතික කාන්තාවගේ මග පෙන්වන්නා විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (07) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .
