මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ යළි අරඹන්න අවධානය.

දැනට වැඩ නතර කර තිබෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ යළි ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (26) පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම මෙරට සෑම ප්‍රදේශයකම නැවති ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙසත් , මේ වන විට අබලන් තත්ත්වයේ පවතින බොහෝමයක් මාර්ග ඉදිරියේ දී සකස් නොකළහොත් ජනතාවට ගමනාගමන පහසුකම් සලසා ගැනීමට නොහැකි බවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Exit mobile version