මිනිස් ජාවාරම් නැවැත්වීමට ඕස්ට්‍රේලියාවෙන් අත හිත.

ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරිවරයා වූ රියල් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවූ බව වාර්තා වේ.

එහිදී මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට සිදු කෙරෙන මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඕස්ට්‍රේලියා දේශසීමා බලකාය සිදු කරන ඒකාබද්ධ මෙහෙයුම් මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකිරීම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ අදහස් පළ කෙරුණු බව සදහන්.

Exit mobile version