විශේෂ කාර්‍ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැවපාර , අත්තිඩිය ප්‍රදේශයේ සිඳු කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ශිරාන් බාසික් නැමැත්තාගේ සමීපතමයෙකු වන චමින්ද කුමාර සිල්වා හෙවත් “ බඩෝවිට ලොකු මල්ලී” මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු ගමන් ගත් මෝටර් රථයේ තිබී රුපියල් ලක්ෂ 3ක පමණ වටිනාකමකින් යුතු හෙරෝයින් ග්‍රෑම් 16කට ආසන්න ප්‍රමාණයක් සහ තියුණු ආයුධ දෙකක් සොයා ගත් බව සඳහන්.
සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක් වන අතර මොහුව දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
එමෙන්ම සැකකරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
