බදුල්ල – කොළඹ මාර්ගය ඇරේ.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ සීලෝගම ප්‍රදේශයට පස් කන්දක් සමග විශාල ගල් පර්වතයක් පෙරලී වැසී ගිය මාර්ගය ඊයේ යළි විවෘත කළ බවට පොලීසිය පවසයි.

ඉකුත් 21 දින රාත්‍රි 12.30 සිට ඊයේ 22 දින රාත්‍රි 10.00 දක්වා මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු මුළුමණින් ඇණහිට තිබුණි.

ඊයේ (23) දින රාත්‍රි 10.00 පමණ වන විට මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරි නිලධාරීහු පියවර ගත් බව සදහන්.

ඵ් අනුව පැය 22 කට පසු වාහන ගමනා ගමන කටයුතු වලට මාර්ගය විවෘත විය.

මෙ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්පෙ තුබතැන්න ප්‍රදේශයට ඊයේ දින රාත්‍රි 7.00 ට පමණ විශාල පස් කන්දක් සමග ගසක් කඩා වැටිම හේතුවෙන් මාර්ගය මුළුමණින් වැසි ගිය බව වාර්තා වේ.

Exit mobile version