බදුල්ල මහ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය ක්‍රියා විරහිත වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් සීටී ස්කෑන් සිදුකර ගැනීමට රෝගීන් මොණරාගල හෝ නුවරඑළිය මහ රෝහල වෙත යොමුකිරීමට සිදුවන අතර, ඒ වෙනුවෙන් රජයට විශාල මුදලක් දැරීමට සිදුව ඇති බව සදහන්.
බදුල්ල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනකට විශාල රෝගීන් පිරිසක් පැමිණෙන අතර, ඉන් බහුතරයකට සී.ටී. ස්කෑන් පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය වන්නේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සිදුකිරීම සඳහායි.
නමුත්, රෝහල සතු ව දැනට පවතින සීටී ස්කෑන් යන්ත්‍රය පසුගිය 6 වන දා සිට අක්‍රීය වී ඇත.
එය 2021 මැයි මාසයේ දී සවිකර ඇති අතර, එහි ඇස්තමේන්තුගත කාලය අවසන් වීමට නියමිත ව තිබුණේ ද ඉකුත් මැයි මාසයේදී බව සදහන්.
