බදුලු යන අය ප්‍රවේශමෙන්.

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, වැලිමඩ, ඇල්ල, පස්සර යන ප්‍රදේශවල අද (18) උදෑසන කාලයේ සිටම දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

පොලීසිය පවසන්නේ පවතින මීදුම් තත්ත්වය හේතුවෙන් විමසිලිමත්ව රිය පදවන ලෙසත් දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමේදි දැඩි අවධානය යොමුකරන ලෙසත් ය.

ඒ අනුව රථ වාහන ධාවනයේදී ඉතාම සැලකිලිමත් ලෙස විදුලි පහන් දල්වා , අවශ්‍ය අවස්ථා හී නලා ශබ්ද කර ධාවනය කිරීමට කටයුතු කරන ලෙසත් පොලීසිය දන්වා සිටී.

Exit mobile version