අත්අඩංගුවට ගත් මිල්කෝ සේවකයින්ට ඇප.

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් බලහත්කාරයෙන් සිරකර තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එහි සේවකයින් 13දෙනා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.

සේවක දීමනා ගැටලුවක් සම්බන්ධයෙන් ගැණුනු තීන්දුවක් මුල් කරගනිමින් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු කාර්යාලයෙන් පිටවීම වැළැක්වීමට එහි සේවකයින් පිරිසක් ඊයේ පස්වරුවේ කටයුතු කර තිබූ බව සදහන්.

Exit mobile version