පාසල් සිසුවෙකුට පහරදුන් සැරයන්ට ඇප.

පාසල් සිසුවෙකුට පහර දී තුවාල සිදු කළ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සහ ඔහුගේ ඥාතියෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන මෙම පොලිස් සැරයන්වරයා ඔහුගේ නිවසට යාබදව පිහිටි නිවසක පිරිසක් සමග ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම සිසුවාට පහර දී ඇති බව ඉඟිනියාගල පොලීසිය පවසයි.

එම සිසුවාගේ මව විසින් සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශණ සිදු කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පහරකෑමට ලක් වූ දරුවා අම්පාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සදහන්.

Exit mobile version