රාත්‍රී කාලයේ නිවසට බලහත්කාරයෙන් ඇතුල් වී අවුරුදු 56 ක් වයසැති පෙරපාසල් ගුරුවරිය කෙලෙසූ සැකකරු පසුගිය 6 වන දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර එම සැකකරු ඊයේ (20) දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීම සඳහා මිනුවන්ගොඩ දිසා විනිසුරු හේෂාන්ත ද මේල් විසින් නියෝග කළ බව වාර්තා වේ.
ඒ අනුව රුපියල් තුන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහක ශරීර ඇප මත මුදා හැරීමටත් , සෑම මසකම අවසාන ඉරිදා දින පෙරවරු 9.00 ත් 12.00 ත් අතර කාල සීමාව තුළ බඩල්ගම පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසටත් නියෝග කළ බව සඳහන්.
මෙම සැකකරු පෙරපාසල් කාන්තාව සමඟ අනියම් සබධතාවක් පවත්වා ඇති අතර මෙම සිද්ධිය සිදුවීමට පෙර දිනයේ තම සැමියා හා දරුවන් නිවසේ නොමැති බව කියමින් සැකකරුව නිවසට ගෙන්වා ගෙන ඇත.මෙලෙස පෙරපාසල් කාන්තාවගේ ඇරයුම මත තමන් එම නිවසට ගිය බව සැකකරු විසින් බඩල්ගම පොලීසිය වෙත දුන් ප්‍රකාශ සටහනේ සඳහන් බව අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.
මෙම සැකකරු සහ කාන්තාව බඩල්ගම පොලිස් වසමේ පදිංචි අසල්වැසියන් වන අතර සැකකරුට එරෙහිව කාන්තාව විසින් මෙම පැමිණිල්ල සිඳු කර ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පැවතෙන නඩුව ලබන ජුනි මස 11 වන දින යළි කැඳවීමට නියමිත බව වාර්තා වේ.














































