බෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබා ගත් අයට ඇප.

ඊයේ (01) උදෑසන විශේෂ කාර්‍ය බළකා බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බුත්තල ජනාවාස 10 ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු ඊයේ (01) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කර තිබෙන බව වාර්තා වේ.

ලබන අගෝස්තු 12 වන දින මෙම නඩුව නැවත කැදවීමට නියමිත බව සඳහන්.

සැකකරු බුත්තල , පලවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකි.

Exit mobile version