ට්‍රම්ප්ට ඇප.

බන්ධනාගාරගත කළ ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇප බැදුම්කරයක් මත මුදාහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජෝර්ජියා මැතිවරණය කඩාකප්පල් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබූ අතර අත්අඩංගුවට ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් විනාඩි 20ක් පමණ බන්ධනාගාරයේ ගත කර තිබේ.

අනතුරුව සමවිත්තිකරුවන් හෝ සාක්ෂිකරුවන් බියගැන්වීම සඳහා සමාජ මාධ්‍ය භාවිත නොකිරීම ඇතුළු අනෙකුත් මුදාහැරීමේ කොන්දේසිවලට එකඟවීමෙන් පසු ඔහු මෙලෙස මුදා හැර ඇති බව සඳහන්.

බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමා කිසිදු වරදක් සිදුකර නොමැති බවයි.

Exit mobile version