නීතිපතිවරයා විසින් මෙරටට ඇතුළුවීම තහනම් කරන ලද බොර තෙල් නැවක් එම නියෝගවලට පිටුපා එළැඹෙන දෙසැම්බර් මාසයේ මෙරටට ගොඩබෑමට තෙල් සංස්ථාව කටයුතු කරමින් සිටින බවට අනාවරණය වී තිබෙන අතර වොලිටන් ඩී.එම්.සී.සී. නමැති සමාගමකට ජුලි 28 වන දින මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බව වාර්තා වේ .
මෙම නෞකාව මෙරටට පැමිණීම නීතිපතිවරයා විසින් තහනම් කර තිබියදී එහි නම හා ලියාපදිංචි රට වෙනස් කර නැවත මෙරටට ළඟාවීමට සූදානම් වන බවත් , බොරතෙල් ප්‍රවාහනය කරන මෙම නෞකාව ඉකුත් ජුනි මාසයේ ‘BULL DAMAI 1′ නමින් ලංකාව බලා පිටත්ව තිබූ බවත් සඳහන් වේ.
එම නෞකාව අන්තර්ජාතික නෞකා ලියාපදිංචි කරන අයි.එම්.ඕ. අංක 9248849 යටතේ ලියාපදිංචි කර තිබූ බවත් , අදාළ නෞකාව දෙසැම්බර් මාසයේදී මෙරටට ගොඩබෑමට සඳහා ‘SWORDFISH’ ලෙස එහි නම වෙනස් කර තිබූ බවත් වාර්තා වේ .
එමෙන්ම මේ වන විට අදාළ නෞකාව ලියාපදිංචි කර ඇත්තේ ඉන්දුනීසියා ධජය යටතේ බවත් , ඇණවුම් නොකළ මෙම බොරතෙල් නෞකාව මීට පෙර ලංකාව බලා පැමිණීමත් සමඟ මෙරට නීතිපතිවරයා විසින් එම ගනුදෙනුව නීත්‍යානුකූල නොවන බව පෙන්වා මෙරටට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
දේශපාලන සහාය මැද මෙරටට මහා පරිමාණයෙන් බොරතෙල් සපයන සැපයුම්කරුවකු මෙම ගනුදෙනුව පිටුපස සිටින බවත් , මෙම නෞකාව රුසියාවේ සිට පිටත්ව පසුගිය 20 වැනිදා ප්‍රථමයෙන් මෙරටට ළඟාවීමට නියමිතව තිබූ බවත් , නීතිපතිවරයාගේ තීරණයත් සමඟ මේ වනතුරු අදාළ නෞකාව අන්තර්ජාතික මුහුදේ පාවෙමින් තිබෙන බවත් , මෙම බොරතෙල් නෞකාව හදිසියේ මිලදී ගැනීමට යන්නේ මීට පෙර මිලට ගත් රුසියානු බොරතෙල් නැවකින් තෙල් පිරිපහදුවේ කටයුතු අඩපණ වූ තත්ත්වයක් යටතේ බවත් වාර්තා වේ .
එමෙන්ම මෙම නෞකාව සඳහා ඉදිරිපත් වී තිබෙන වොලිටන් ඩී.එම්.සී.සී. නමැති සැපයුම්කරු මෙරට ලියාපදිංචි සැපයුම්කරුවෙකු නොවන බවත් , එම සමාගමට තානාපති කාර්යාලය මඟින් නිෂ්කාෂණ හෝ ලබාගෙන නොමැති බවත් සඳහන් .
