8 දෙනෙක් එක්ක කොස්තාපල්ට හොදටම ගහලා.

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී ඔහුගේ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයින් 8 දෙනෙකු සංදිවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ සංදිවේලි පොලීසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

වාර්තා වන ආකාරයට මාවඩිවෙම්බු ප්‍රදේශයේ දරුවෙකුට පියා විසින් අමානුෂික ලෙස පහරදෙන බවට ලද තොරතුරක් පරික්ෂා කිරීමට එම ප්‍රදේශයට ගිය පොලිස් කොස්තාපල්වරයාට මෙලෙස පිරිස එක් වී පහර දී ඇති බව අනාවරණය වී තිබේ .

පොලිස් නිලධාරියාගේ නිල ඇඳුම ඉරා දමා ඔහුගේ ඉන පටිය ද රැගෙන සැකකරුවන් පලා ගිය ද විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා වාලච්චේන රෝහලට ඇතුළත් කර තිබේ .

Exit mobile version