ඊයේ (17) පස්වරුවේ මහකනදරාව ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයක් තුළ දී 63 හැවිරිදි කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඝාතනයට ලක් වූ කාන්තාව පදිංචිව සිටි නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු විසින් ඇයගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිඳු කර ඇති බව සඳහන්.
මෙසේ මියගොස් ඇත්තේ අංක 220 , මහකනදරාව , දකුණු ඉවුර , රඹෑව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් වන අතර මෙම කාන්තාවගේ පුත්‍රයෙකු විසින් කළ පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු ආරම්භ කළ බව කල්ලන්චිය පොලීසිය ප්‍රකාශ කර තිබේ.
