“හොඳම භාවිතය 2022”- යුරෝපීය සම්මානය පීපල්ස් ලීසිං සමාගමට-සම්මානය ජනපතිට පිළිගන්වයි.

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයිම සදහා පිරිනමන “හොඳම භාවිතය 2022” (Best Practices 2022) සම්මානයෙන් පිදුම් ලබා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.

2022 දෙසැම්බර් මස 11 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති සම්මාන උළෙලේ දී මෙම සම්මානය පිරිනැමුණු අතර එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ඉදිරිපත් කිරීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු කොට තිබේ. පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති ප්‍රදීප් අමිතර්නායගම් සහ පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි ෂමින්ද්‍ර මසර්ලින් යන මහත්වරු විසින් සම්මානය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.

Exit mobile version