පාදුක්ක මාවතගම ප්‍රදේශයේ දියපිරි වළක ඔට්ටුවකට දිය යට සිටීමේ තරගයක් පැවැත් වූ පිරිසක් අතුරින් එක් අයකු දියේ ගිලීමෙන් අද (08) සවස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් සාදයක් පවත්වා අදාල දියපිරි වළෙහි ස්නානය සඳහා පැමිණ ඇති අතර එහි ස්නානය කරමින් සිටින අතරතුර හුස්ම අල්ලාගෙන වැඩිම වේලාවක් දිය යට සිටින පුද්ගලයා තෝරා ගැනීමේ තරගයක් පැවැත්වීමට කටයුතු කර තිබේ.
එහිදී හුස්ම අල්ලා ගෙන දිය යට ගිය එක් අයකු විශාල කාලයක් දිය යටට වී සිටීම පිළිබඳව විමතියට පත් අනෙක් පිරිස ඔහු පිළිබඳව විපරම් කිරීමේදී දිය වලෙහි යටටම වී නිසොල්මන්ව සිටීම නිසාවෙන් වහා ගොඩට ගෙන පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇති බව සඳහන් .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 45 හැවිරිදි පුද්ගලයෙකි.
