ජින්පින් හමුවීමට බයිඩන් සූදානමින්.

චීන ජනාධිපති ෂී ජින්පින් මෙම වසර අග දී හමුවීමට තමා අපේක්ෂා කරන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ‍දෙරටේ නායකයන් අතර ප්‍රථම හමුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී සිදුව ඇති අතර, එහි දී ලොව විශාලම ආර්ථිකය හිමි රටවල් දෙක අතර ඇති වී තිබෙන ගැටලු සහගත තත්ත්වයන් කළමනාකරණය කිරීම පිළිබඳ අවධානය යොමු වූ බවයි.

එළැඹෙන නොවැම්බර් මාසයේ අමෙරිකාවේ පැවැත්වීමට නියමිත ආසියා පැසිෆික් සහයෝගිතා සමුළුවේ දී දෙරටේ නායකයන් අතර මෙම හමුව සිදුවීමට නියමිත බව සඳහන්.

කෙසේවෙතත් ලබන මාසයේ දී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත ජී 20 රටවල නායක සමුළුව සඳහා අමෙරිකානු සහ චීන නායකයන් සහභාගී වීමට නියමිත බව ද සඳහන්ය.

Exit mobile version