බයික් හොරා මාට්ටු.

යතුරුපැදියක් සොරකම් කළ සේවය අතහැර ගිය පොලිස් කොස්තාපල්වරයෙකු කොහුවල ඇන්ඩර්සන් පාර ප්‍රදේශයේ දී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

පොලීසිය සඳහන් කරන්නේ වැලිකඩ පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී සේවය අතහැර ගොස් සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා සොරකම් කර ඇති යතුරුපැදියේ වටිනාකම රුපියල් ලක්ෂ 6 කට අධික බවයි.

සැකකාර හිටපු පොලිස් කොස්තාපල්වරයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version