කොළඹ ජාතික රෝහලේ දී ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙකුගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවට යවා ඇති බව වාර්තා වේ.
එමෙන්ම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ රෝගියාට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධයේ සාම්පල ද විමර්ශන සඳහා ඕස්ට්‍රේලියාව වෙත යවා ඇති බව සඳහන්.
කැපුම් තුවාල සඳහා ප්‍රතිකාර ගැනීමට අදාළ පුද්ගලයා රෝහල් ගත වී තිබූ අතර වෛද්‍යවරයා විසින් ලබා දුන් ප්‍රතිජීවක ඖෂධය ද තාවකාලිකව භාවිතය අත්හිටුවීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබුණි.