මිනිස් සිරුර තුළ කුරුළු උණ වැළදුණු පළමු අවස්ථාව චිලී රාජ්‍යයෙන් වාර්තා වේ.
එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටින්නේ දරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ පෙන්නුම් කළ 53 හැවිරිදි පුද්ගලයෙකු තුල මෙලෙස කුරුළු උණ සෑදී ඇති බවත් ඔහු මේ වන විට ස්ථාවර තත්වයේ පසුවන බවත් අදාල තැනැත්තා හා සම්බන්ධකම් පැවැත්වූ වෙනත් අය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන බවයි.
පසුගිය වසරේ අග භාගයේ සිට චිලියේ සතුන් මගින් H5N1 වෛරසය ව්‍යාප්ත වීමේ සීඝ්‍රතාවේ ඉහළ යාමක් පෙන්නුම් කල බැවින් චිලී රජයට කාර්මික ගොවිපලවලින් කෙරෙන කුකුළු අපනයනද නවතා දමා තිබේ.
කෙසේ නමුත් චිලියෙන් වාර්තා වූ නවතම තත්වය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එරට සෞඛ්‍ය ක්ෂේත්‍ර වැඩිදුරටත් සදහන් කරන්නේ ,වෛරසය කුරුල්ලන්ගෙන් හෝ සාගර ජීවින්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැකි නමුත් මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය නොවන බවක් තවමත් නොදන්නා බවයි.
