උපන්දිනයට තැපෑලෙන් ආ ලොතරැයි තෑග්ග.

ලොතරැයි දිනුමක් යනු ඕනෑම අයෙකුට ජීවිතයේ හිමිවන සුවිශේෂී අවස්ථාවක් වූවත් එය සුවිශේෂී ආකාරයටම හිමි වූ කාන්තාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ .

අදාළ ත්‍යාගය හිමි වූ කාන්තාව දකුණු ඔස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවක් වන අතර ඇය පසුගියදා සිය උපන්දිනය සමරා තිබේ.

එහිදී අදාළ කාන්තාව වෙත සුබපැතුම් එක්කරමින් ඇයගේ ඥාතියෙකු උපන්දින කාඩ්පතක් සමඟ ලොතරැයි පතක් ද ඇය වෙත එවා ඇති අතර අනතුරුව ඇය එම ලොතරැයිපත පරීක්ෂා කර බැලීමේදී ඒ සඳහා දැවැන්ත ත්‍යාග මුදලක් හිමිව තිබෙන බව අනාවරණය වී තිබේ .

එය ඩොලර් මිලියන 2.58ක ත්‍යාගයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුව අදාළ කාන්තාව සිය ඥාතියා වෙත දුරකථන ඇමතුමක් ලබාදී මේ පිළිබඳව පැවසීමත් සමඟ ඔහුද මෙම සිදුවීම පිළිබඳව පුදුමයට පත්ව තිබේ.

Exit mobile version