ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව බියගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ළමා රෝහලක් ඉදිකිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ .
මෙම රෝහල ඉදිකිරීම පිළිබඳව පසු විපරම් සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (17) පවත්වා තිබේ .
එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින අභියෝග සහ වත්මන් සැලසුම් පිළිබඳව එම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් සංකල්පයට අනුව රෝහලක් ඉදි කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ .
