රුධිර පරීක්ෂා වැඩි මුදලට – වැඩි දඩ

පාලන මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් සහ රැධිර පරීක්ෂාව සදහා මුදල් අය කළ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික රසායනාගාර 08කට රුපියල් ලක්ෂ 55 දඩයක් අධිකරණය මගින් නියම කර තිබෙන බවට වාර්තා වේ.

පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශය මෙම වැටලීම් සිදුකර ඇති අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආයතන 5ක් පිළිබඳව කරුණු දක්වා තිබෙන අතර එම ආයතන වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට ලක්ෂ 35ක දඩයක් නියම කර තිබේ.

එසේම අනෙකුන් ආයතන තුන පිළිබඳව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමේදී ලක්ෂ 20ක දඩයක් නියම කර තිබේ.

Exit mobile version