ලංකා බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව අද (18) මුදල් අමාත්‍යාංශයේ දී ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩි සී.පෙරේරා මහතා විසින් මුදල් , ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූ බව වාර්තා වේ.
මෙම අවස්ථාවට ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා , ප්‍රධාන මූල්‍ය නිලධාරී රුවන් කුමාර යන අය සහභාගී වූ බව සදහන්.
කොටස් වෙළදපොල www.cse.lk සහ ලංකා බැංකුවේ www.boc.lk වෙබ් අඩවි ඔස්සේ 2022 වාර්ෂික වාර්තාවට පිවිසිය හැකි බවත් , ඉදිරියේ දී මෙම වාර්තාව සිංහල සහ දමිළ බසින් ජනතාවට සහ ගනුදෙනුකරුවන්ට නිකුත් කරන බවත් වාර්තා කරයි.
