අතුරුදහන් වූ මව සහ දියණියගේ සිරුරු හමුවේ.

අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදහන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව වාර්තා වේ.

24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 වයසැති ඇගේ දියණිය ටශ්මි දිලන්‍යා මීට දින දෙකකට පෙර අතුරුදහන් විය. 

ඇගේ සැමියා රැකියාවට ගොස් පැමිණ බිරිද සහ දරුවා නිවසේ නොමැති බවට පොලිසියට පැමිණිලි කර ඇති බව සදහන්.

Exit mobile version