තොඩුවාව ප්‍රදේශයෙන් මුහුදුු ගිය බෝට්ටුවක් පෙරලී මුහුදට වැටුණ ධීවරයින් දෙදෙනාගෙන් අතුරුදන් වූ ධීවරයාගේ සිරුර අඹකදවිල ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහවැව , මට්ටකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි ජෝසොප් ඇලෝසියස් නැමැති හැටපස් හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
ඊයේ (29) අලුයම මසුන් මැරීම සඳහා මුහුදට ගොස් සිටියදී ඔවුන් සිටි බෝට්ටුව පෙරලී දෙදෙනාම මුහුදට වැටී ඇති අතර පසුව ඔවුන් ජීවිත බේරාගැනීම සඳහා පිහිනමින් සිටියදී එක් ධීවරයෙකුව වෙනත් ධීවර බෝට්ටුවකින් බේරා ගෙන ඇතත් අනෙක් පුද්ගලයා සොයා ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබේ.
