ලිබියාවට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් පසු බිම් බෝම්බ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.
ඒ වසර ගණනාවක් ලිබියාවේ පැවති ගැටුම්වලදී වළ දමා තිබූ බිම් බෝම්බ ජලයට ගසාගෙන ගොස් තැනින් තැන ඉතිරිවීම හේතුවෙනි.
2011 වසරේ හිටපු ලිබියානු පාලක මුහම්මර් ගඩාෆි බලයෙන් ඉවත් කළ පසු ආරම්භ වූ නේටෝ සංවිධානයේ සහයෙන් යුත් පාලනයට එරෙහිව විවිධ සංවිධාන කැරලි ගැසීම හේතුවෙන් වසර ගණනාවක් පුරා දරුණු ගැටුම් පැවති අතර එහිදී වළ දැමූ බිම් බෝම්බ ජල ගැල්මට හසු වී මතුපිටට පැමිණ ඇති බව වාර්තා වේ.
