රක්ෂිතයකින් අස්ථි කොටස් හා කාන්තා ඇදුම් කිහිපයක්.

ඊයේ (17) වැලිකන්ද පොලීසියට ලද තොරතුරකට අනුව වැලිකන්ද, කුඩාපොකුණ රක්ෂිතය තුළ තිබී දිරාගිය අස්ථි කොටස් හා කාන්තා ඇඳුම් පැලඳුම් කොටස් කිහිපයක් හමුවී තිබෙන බව වාර්තා වේ .

මෙම අස්ථි කොටස් තිබූ ස්ථානයෙන් හමුවූ කාන්තා ඇඳුම් කොටස් , හිස් වැසුම හා කෑම පෙට්ටිය 2019.11.14 වන දින වැලිකන්ද ප්‍රදේශයේ අතුරුදන් වූ කාන්තාවකගේ බවට පොලීසිය සැක පළකරයි.

පොලීසිය පවසන්නේ අස්ථි කොටස් හඳුනාගැනීම සඳහා විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකරන බවයි.

Exit mobile version