බොරැල්ල , ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේ අද (20) උදෑසන වෙඩි තැබීමක් සිඳු කර ඇති අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබා වෙඩික්කරුවන් පලා ගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.
මරණකරු කැළණිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් , සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරන බවත් වාර්තා වේ.
