මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ශ්‍රි ලංකා වරාය අධිකාරිය සහ කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව යන ආයතනවල අක්‍රමිකතා විමසීම සඳහා ඒවායේ ප්‍රධානීන් ලබන සතියේ කැඳවීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානීන් ලබන මස 5 වැනිදාද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානීන් ලබන මස 6 වැනිදාද කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවේ ප්‍රධානීන් ලබන මස 8 වැනිදාද කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවෙනු ඇති බව සදහන්.
මෙම ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විගණන වාර්තා මගින් තොරතුරු රැසක් අනාවරණය කර ඇති හෙයින් ඒවායේ ප්‍රධානීන්ගෙන් ඒ පිළිබඳව දීර්ඝව කරුණු විමසීමට බලාපොරොත්තු වන බවට කෝප් කමිටුව පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධානීහු පසුගිය 22 වැනිදාද ජාතික භාෂා හා පුහුණු ආයතනයේ ප්‍රධානීහු පසුගිය 24 වැනිදාද කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ බව වාර්තා වේ.
