කෙහෙළියගේ විශ්වාසභංගයට ආණ්ඩුවත් විපක්ෂයත් බරටම වැඩ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහාත් , ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහාත් , ආණ්ඩුවත් ,  විපක්ෂයත් අරඹා ඇති සටන මේවනවිට උණුසුම් තත්ත්වයකට පැමිණ ඇති බව වාර්තා වේ.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙහෙයවීමට ආණ්ඩුව විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ ආණ්ඩුවට මෙසේ කටයුතු කිරීමට සිදුව ඇත්තේ මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ ප්‍රබල උත්සාහයක නිරතව සිටින නිසා බවයි.

මේ අතර විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා විපක්ෂය ප්‍රබල සටනක නිරතව සිටින හෙයින් ලබන සතියේදී සියලු මැති ඇමතිවරුන්ට විදේශ ගමන්වල යෙදීම ජනාධිපතිවරයා විසින් තහනම් කර තිබේ.

Exit mobile version