උතුරේ බොක්සිං ඉන්දියාවේදී රනින් බබළවයි.

ජාත්‍යන්තර මිශ්‍ර බොක්සින් තරඟාවලියේදී උතුරු පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 5ක් හා රිදී පදක්කම් 2ක් ලබා ගෙන ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කොට දී තිබේ.

ඉන්දියාවේ කාශ්මීරයේ දී 2023 මැයි 7 , 8 සහ 9 යන දිනවල පැවති මෙම බොක්සිං තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට දෙවන ස්ථානය හිමි විය.

උතුරු පළාතෙන් සහභාගී වූ ක්‍රීඩිකාවන් බොක්සින් පුහුණුකරු එම්.එස්.නන්දකුමාර් ගේ ප්‍රධානත්වයෙන් මෙම තරඟාවලියට සහභාගී වූ අතර ඔවුන් ආපසු වවුනියාවට පැමිණීමෙන් පසුව ඔවුන්ව පිළිගැනීම සඳහාත් ඔවුන්ට ආශිර්වාද කිරීම සඳහාත් විශේෂ උත්සවයක් වවුනියාවේ කන්දසාමි කෝවිලේදී පැවැත්වුණි.

කාශ්මීරයේ පැවති බොක්සින් තරඟාවලියේ දී සංමුගනාදන් සංජයන් , දස්සනමූර්ති මහීෂා , ජයවර්ධන සෙව්මිණි ඉමේෂා , මුරුගන් විනෝද් , කුමාර් කෘෂාන්තන් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පද්ක්කම් ද සිවකුමාර් ඩාර්නික තංගම් , රාමනාදන් දිව්‍යා තංගම් යන අය රිදී පදක්කම් ද දිනා ගැනීමට සමත් වී තිබේ.

(ලංකා සර )

Exit mobile version