චීන පෙම්වතෙකු විසින් පෙම්වතියට මිනිත්තු 10ක හාදුවක් දීමෙන් ඔහුගේ වම් කනට හානි වී කන් නොඇසී ගොස් ඇති බව වාර්තා වේ.
අගෝස්තු 22 වැනිදා චීන ආදරවන්තයින්ගේ දිනයේදී මෙම සිදුවීම සිදුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔහු හාදුව ලබා දෙන මොහොතේ ඔහුට වම් කන ඇතුළෙන් පිපුරුම් හඩක් ඇසී ඇති අතර ඉන් පසු වේදනාවක් ඇතිව තිබෙන බව සදහන්.
ඔහු එම අවස්ථාවේදීම රෝහල්ගත කර ඇති අතර ඔහු සුවය ලැබීමට මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ.