උඩුදියලුම ඛේදවාචකයේ තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්.

පසුගිය මැයි මස 11 වැනිදා පස්වරුවේ කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ උඩදියලුම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එම ස්ථානයේ කඳවුරු බැඳ සිටිය දී වන අලි ප්‍රහාරයකට ලක්ව තරුණිය එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත් වූ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයා ලබාදුන් පරස්පර විරෝධී ප්‍රකාශ සහ නොසැලකිලිමත්කමෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සඳහා පසුබිම සැකසීම යන චෝදනා මත පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

 එම  අදාළ තරුණියගේ පෙම්වතා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව වාර්තා වේ.

Exit mobile version