බ්‍රිතාන්‍යයෙන් යුක්‍රේනයට යුද ආධාර.

පවුම් මිලියන 50ක එනම් ඇමරිකානු ඩොලර් මිලියන 64.65ක ආධාරයක් බ්‍රිතාන්‍ය රජය විසින් යුක්‍රේනයට ලබා දී ඇති බව වාර්තා වේ.

යුක්‍රේනයේ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් සහ යුද උපකරණ අලුත්වැඩියාව සදහා මෙම ආධාර මුදල ලබා දුන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සතියේ පැවැත්වෙන නෙටෝ සමුළුවේදී ද යුක්‍රේනයට ලබාදෙන ආධාර සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version